ජාත්‍යන්තර පොලිසිය බැසිල්ට එරෙහිව “නිල් නිවේදනයක් නිකුත් කරයි – රතු නිවේදනයත් අත ළග

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය “නිල් නිවේදනයක්” නික-ුත් කර ඇති බව වාර්තා වේ.

“නිල්” නිවේදනයන් නිකුත් කිරීම යනුවෙන් අදහස් වන්නේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බවක් නොවේ.

නිල් නිවේදනයෙන් අදහස් වන්නේ, ජාත්‍යන්තර පොලිසිය බැසිල් රාජපක්ෂ පිළිබදව සොයා බැලීමව අරඹා ඇති බවයි.

ඒ අනුව, ලබා දී තිබෙන ලිපිනයේ ඔහු සිටිනවාද සහ වෙනත් අපරාධ හා ඔහු සම්බන්ධද යන ආදී කරුණු පිළිබදව ජාත්‍යන්තර පොලිසිය මින් ඉදිරියට සොයා බලනු ඇත.

එමෙන්ම දැනට සිටින ලිපිනය අත හැර ඔහු වෙනත් රටකට පලා යාමක් සිදුවේද යන්න ආදිය ගැන අවධානයෙන් සිටිනු ඇත.

ඊට අමතරව, මව් රටේ සිදුවන විමර්ශනයකට අදාලව ඔහු සැකකරුවක-ු ලෙස නම් කර ඇති බවත්, විමර්ශන සදහා ඔහුගේ පැමිණීම මව් රට අපේක්ෂා කරන බවත්, ජාත්‍යන්තර පොලිසිය සැකකරුට දැනුම් දෙනු ඇත.