විවිධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමඟ, අසනීප තත්ත්වයන් මවාපාමින් විදේශගත වීමට උත්සාහ කරන දේශපාලනඥයන්, රජයේ උසස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳ පුළුල් සොයාබැලීමක් සිදු කර වහාම වාර්තාවක් ලබාදෙන ලෙස රජය බුද්ධි අංශ වෙත නියෝග කර තිබේ.
ඒ අනුව, එවැනි පුද්ගලයින් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක් වෙත උපදෙස් ලබාදී ඇත. චෝදනාවලට ලක්ව සිටින ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීපතමයන් විසින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවල නිරවද්‍යතාව හා සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව, විවිධ විමර්ශන ආරම්භ වීමත් සමඟ මෙරටින් පිටව ගොස් නැවත නොපැමිණි දේශපාලනඥයන් කිහිපදෙනෙකු පිළිබඳව ද බුද්ධි අංශ මේ වන විට කරුණු රැස් කරමින් පසුවේ. එලෙස විදේශගතව සිටින පුද්ගලයින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, චෝදනාවලට ලක්වූ ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට ද විමර්ශන අංශ තීරණය කර තිබේ.
විමර්ශන ආරම්භ වීමත් සමඟ විදේශගත වී නැවත මෙරටට නොපැමිණි දේශපාලනඥයන් කිහිපදෙනෙකු පිළිබඳව ද තොරතුරු රැස්කරමින් සිටින අතර, ඔවුන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටින බව ආරක්ෂක ආරංචි මාර්ග තහවුරු කරයි.