ඉදිරි ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂත් හිරේ – බත්තරමුල්ලේ සීලරතන හිමිට සහාය දෙමින් ඉරාජ් වීරරත්න කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්, ගායක හා සමාජ ක්‍රියාකාරී ඉරාජ් වීරරත්න මහතා අද මාධ්‍ය හමුවකදී අදහස් දක්වා තිබේ.

“අද මම පැමිණියේ අපේ ස්වාමීන් වහන්සේගේ දෑත් ශක්තිමත් කරන්න, ඉදිරි ජනාධිපතිවරණයේදී… මොකද නාමල් රාජපක්ෂත් හිරේ. ඉදිරියේදී දිලිත් ජයවීර, විමල් වීරවංශ, ඇතකොට පාඨලී චම්පික, ඔය සියලුදෙනාම මේ දූෂිත ආණ්ඩුව හිරේ දායි,” යැයි ඔහු පවසා තිබේ.

“අපිට ඉතුරුවෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ විතරයි. ඒක නිසා අපි තීරණය කරා ස්වාමීන් වහන්සේට උදව් කරන්න. ජය වේවා!” යැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *