ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවනු ලබන ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය අද (22දා) විවෘත කෙරේ.
ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව කර්මාන්ත ක්ෂේත්රයේ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යෑමේදී රාජ්‍ය යාන්ත්‍රණය සමග ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මෙන්ම අදාළ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙම මධ්‍යස්ථානයෙන් කටයුතු කෙරෙනු ඇත.
‘viyasa’ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය, කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත අංක ක්-80 ගොඩනැඟිල්ලේ ස්ථාපිත කර තිබෙන අතර එහි ප්‍රධානී ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා කටයුතු කරයි.
කම්කරු ඇමැති සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කෙරේ.