ලෝක ආර්ථික අස්ථාවරත්වයට එරෙහිව මෙරට තුළ ශක්තිමත් වී ඇති බාහිර සුරක්ෂිත ගබඩා (buffers) සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා තිබේ.
මීට පෙර ‘CCC+’ ලෙස තිබූ ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම, ස්ථාවර අනාවැකියක් (stable outlook) සමඟින් ‘B-‘ දක්වා Fitch ආයතනය විසින් ඉහළ නංවා ඇත.