ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කරන ලද ඇප ඉල්ලීම අද (23) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව සැකකරු ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සිද්ධියට අදාල ඇප නියෝගය අද දින අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.