හිටපු ජනාධිපති රනි­ල් වික්‍රමසිංහ ඊළඟ අවු­රුදු 20ට ‘හරිත පත්‍රි­කා­වක්’ ඉදිරිපත් කරයි

ඉදිරි අවු­රුදු විස්සක කාල­යක් වෙනු­වෙන් වූ ‘හරිත පත්‍රි­කාව’ නමින් වැඩ­පි­ළි­වෙ­ළක් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යට හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් ඉදි­රි­පත් කර තිබේ. දේශ­පා­ලන ක්ෂේත්‍රයේ රැඩි­කල් වෙනස තහ­වුරු කිරී­මට ශ්‍රී ලංකාව උදෙසා වූ පොදු දීර්ඝ­කා­ලීන ප්‍රති­පත්ති රාමුව වෙනු­වෙන් කෙරෙන සාක­ච්ඡා­මය ලේඛ­න­යක් ලෙස මෙය ඉදි­රි­පත් කර තිබේ.

ථෙර­වාදී ලක්ෂණ සහිත ආර්ථි­ක­යක් මෙයින් යෝජනා කෙරෙයි. මාතෘකා නව­යක් යටතේ විග්‍රහ කර ඇති මෙම හරිත පත්‍රි­කාව මඟින් රටේ ඉදිරි අවු­රුදු විස්ස සඳහා වූ ආර්ථික සැල­සුම් පිළි­බඳ සඳ­හන් කර ඇත. මෙම හරිත පත්‍රි­කාව සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී පක්ෂ අභ්‍ය­න්ත­රයේ දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කිරී­මට නිය­මි­තව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *