22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමේ දී තම හෘද සාක්ෂියට එකගව කටයුතු කරන ලෙස සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, ජාතික ජන බලවේගයේ සියළු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
එම මන්ත්‍රීවරුන්, වෙත වෙන් වෙන්ව ලිපියක් යොමු කරමින් ඔහු මෙලෙස ඉල්ලා සිට තිබෙනවා.
මෙම ව්‍යවස්ථා සංශෝධනය මෙරට ප්රජාතන්ත්රවාදයට කළු පැල්ලමක් එක් කරන හෙයින් ඊට විරුද්ධව ඡන්දය ලබා දෙන ලෙසත් එල්ල වන බලපෑම් හමුවේ එසේ කිරීමට නොහැකි නම් ඡන්ද විමසීමට සහභාගී නොවී 2/3 බහුතරයකින් සම්මත වීම වැළැක්වීමට හෝ දායක වන ලෙස ජයවීර සිය ලිපියෙන් ඉල්ලා සිටිනවා.