ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ මෙරට වත්මන් රජය ඇතුළත් වී ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන 2027 මාර්තු මාසයේදී නිල වශයෙන් අවසන් වන විට, එයින් ඉවත් වීමට රජය තීරණය කර ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ‘රතු ඉර’ සංවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව හෙළිකළේය.
“IMF එකත් එක්ක තියෙන මේ ගිවිසුමෙන් ලබන වසරේදී අයින් වෙනවා. නමුත් IMF සමග ඉදිරියේදී වැඩ කරවා,” යැයි ඔහු පවසා තිබේ.