පසුගිය (23) දා පැවැති ආසියා සහ පැසිෆික් සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 49 වන වාර්ෂික මහා සභාව අමතමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වීය.
Fitch Ratings ආයතනය විසින් පසුගිය දා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණවල සාර්ථක ප්‍රගතිය සලකා බලමින් Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා ඇති බවත්, එහි අනාගත දැක්ම ‘ස්ථාවර’ (Stable Outlook) මට්ටමේ පවත්වාගෙන යන බවත් ප්‍රකාශ කර සිටියේය.
මෙම මූල්‍ය ස්ථාවරත්වය හරහා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අදියර සඳහා ශක්තිමත් පදනමක් සැකසී ඇති අතර, රටේ මූලික අවධානය දැන් අර්බුද කළමනාකරණයේ සිට තිරසාර ආයෝජන, ඉහළ ඵලදායිතාව සහ දිගුකාලීන වර්ධනය කරා යොමු කර ඇතැයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය