සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහළ නිලධාරීන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ ලබා දෙන්න රජය තීරණය කරයි

සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහළ නිලධාරීන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ හාරසීයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මීට අමතරව සහකාර පොලිස් අධිකාරි තනතුරුවලින් පහළ නිලධාරීන් හැටපන්දහසකට විද්‍යුත් යතුරු පැදි ලබාදීමට අයදුම්පත් කැඳවා ඇති බවද ඔහු කීවේය.

පොලිසියට කැබ් රථ 134ක් ඉන්දීය ණය ආධාර යටතේ දුන් බව පැවසු අමාත්‍යවරයා තවත් කැබ් රථ දෙසීයකට ටෙන්ඩර් ප්‍රදානය කර ඇතැයි ද ප්‍රකාශ කළේය.

මෝටර් බයිසිකල් හත්සීය පනහකට ටෙන්ඩර් කැඳවා ඇති බවද ඔහු කීය .

නව පොලිස් මූලස්ථානයක් ඉදිකිරීමට මුදල් වෙන් කර ඇති බවත් රුපියල් කෝටි 800ක වියදමින් පොලිස් රෝහල නවීකරණය කරන බවත් අමාත්‍යවරයා පැවසීය

පොලිස් නිලධාරීන් 85000කට 2027 අයවැයෙන් අවදානම් දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා අත්තිඩිය පොලිස් විශ්ව විද්‍යාලය ආරම්භ කරන බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *