ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග අද (28) පස්වරුවේ 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වේ අවසන් තරගය සඳහා තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.
මෙම ඉසව්වේ අවසන් තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 4.45 ට ආරම්භ වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
රුමේෂ් මේ වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම, ඩයමන්ඩ් ලීග් ශූරතාව සහ වර්ල්ඩ් අල්ටිමේට් ශූරතාව ඇතුළු ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් වුණා.