කතරගම – බුත්තල මාර්ගයේ රැඳීසිටින වනඅලින්ට ආහාර ලබාදෙන රථවාහන රියදුරන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් ඔවුන් මාර්ගය ආශ්රිතව රැඳීසිටීමට හුරුවී ඇති බැවින්, එම තත්ත්වය හේතුවෙන් රථවාහනවලට වනඅලි විසින් සිදුකරන අනතුරු ඉහළ ගොස් ඇති බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙයි.
මේ වනවිට කතරගම – බුත්තල මාර්ගයේ වනඅලි අටදෙනෙකු පමණ රථවාහන නවතා ආහාර ලබාගැනීමට හුරුවී සිටින බව සඳහන් වේ.