22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් දැරූවද, ජාතික ජන බලවේගය, තමන් පක්ෂයෙන් ඉවත් නොකළ බවත්, තමන්ද ජාතික ජන බලවේගය හැර නොයන බවත්, එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ලාල් විජේනායක මහතා පවසයි.
කෙසේ වෙතත්, විසි දෙවන සංශෝධනය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරයේ වෙනසක් නැති බවද ඔහු පවසයි.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නීතීඥ සංගමය ගනු ලබන ක්‍රියාමාර්ග සමග ඉදිරියටත් තමන් හිට ගන්නා බවද ඔහු අවධාරණය කරයි.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂයේ මතය හා තමන්ගේ මතය එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයකට පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිවරයා තමන් හමු වූ බවද ඔහු පවසයි.
ඔහු මේ බව පවසා තිබුනේ අයිලන්ඩ් පුවත්පත සමගයි.