අනුරාධපුරේට නොදෙවෙනි තව රැලියක් පොහොට්ටුවෙන් පවත්වන්න සාකච්ඡා කරා – මන්ත්‍රී ඩී.වී චානක කියයි

අනුරාධපුරයේ පැවති ජන රැළියට නොදෙවැනි රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.

වත්මන් රජය ජනතාව වෙත ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස බලකිරීම මෙම රැළිය මඟින් අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ආදරය කරන විශාල ජනතාවක් රට තුළ සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, නාමල් රාජපක්ෂ මහතා සිරගත කිරීමට උත්සාහ කළද ඔහු වෙනුවෙන් ජනතාව පෙරමුණ ගනිමින් සිටින බවද ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ සඳහන් කළේය.

“අනුරාධපුර රැළියට නොදෙවැනි රැළියක් පවත්වා, මේ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මෙන් බලකිරීම සඳහාත් අපි අද සාකච්ඡා කළා. නාමල් රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන ජනතාවක් තමයි රටේ ඉන්නේ. 2029 දී අනුර කුමාර දිසානායක මහතාව පරාජය කරන නාමල් රාජපක්ෂව සිරගත කරන්න උත්සාහ කරද්දී, අද රටේ ජනතාව එකතු වෙනවා ඔහුව ආරක්ෂා කරගන්න. ඒ වැඩපිළිවෙළ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *