ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිරගත කර, පක්ෂයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ආණ්ඩුව සිතන්නේ නම්, ඊට ඉඩ ලබා නොදෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.
රටේ ජනතාව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙන්ම නාමල් රාජපක්ෂට ද ආදරය කරන බවත්, වත්මන් රජය විසින් මර්දනයක් සිදු කරන බව ජනතාව දන්නා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ආණ්ඩුවට අභියෝගයක් වී ඇති, 2029 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පරාජය කිරීමට නියමිත නාමල් රාජපක්ෂ සිරගත කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වී සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.
නමුත්, ඊට එරෙහිව ජනතාව එක්වෙමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.