පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 09 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති දැරියක වේ.
පොසොන් පොහොය නිමිත්තෙන් පානදුර , බෙක්කේගම ප්‍රදේශයේ බත් දන්සලක් පවත්වා ඇති අතර පසුගිය 23 දින දැරිය සිය මව සමග එහි රැදී සිටීයදී දැරිය කරවල හොදි කල්දේරමට වැටී ඇති බව පැවසේ.