එයාර්බස් A330 – 200 අලුත්ම ගුවන්යානය දිවයිනට පැමිණෙයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ.

ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන් යානය අද (04) උදෑසන දිවයිනට ළඟා වුණි.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමග එකතුවන මෙම ගුවන් යානය පළමු වරට පැමිණීම දැකගැනීමට බොහෝ පිරිසක් ගාලුමුවදොරට එක්ව සිටිනු දැකගත හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *