මගේ පොතේ ව්‍යාජ පිටපතක් CID එකෙන් එළියට දාලා – උදය ගම්මන්පිල

තමන් රචනා කළ ග්‍රන්ථයේ නිල නොවන, අසම්පූර්ණ ව්‍යාජ පිටපතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. මෙම ව්‍යාජ ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ තිබූ කෙටුම්පතක් ඇසුරින් සකස් කරන ලද්දක් බවට ඔහු චෝදනා කරයි.
සිය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පැවැත්වෙන අතරතුර බොහෝ පිරිසකගේ WhatsApp වෙත මෙම ව්‍යාජ PDF පිටපත ලැබී ඇති බවත්, එය තමන් ප්‍රකාශයට පත් කළ නිල පොත නොවන බවත් ඔහු අවධාරණය කළේය.

මෙම ව්‍යාජ පිටපත සකසා ඇත්තේ සියයට 70ක් පමණ නිම කළ කෙටුම්පතකින් බවත්, එම කෙටුම්පත බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ රථයේ තිබියදී CID භාරයට ගත් එකක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රජයේ ආරක්ෂක අංශ භාරයේ තිබූ ලේඛනයක් මෙලෙස එළියට පැමිණීම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමක් සහ බරපතල වගකීම් විරහිත ක්‍රියාවක් බව ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *