මහ බැංකු අධිපති A ශ්‍රේණියේ විශිෂ්ටයන් අතරට තේරෙයි

ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් පැවැත්වූ මේ වසරේ (2024) මහ බැංකු සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා A ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරයකු ලෙස මෙවර ද සම්මානයට පාත්‍ර විය. 2024 මහ බැංකු ප්‍රගති වාර්තාවල ඉහළම ශ්‍රේණි ලබා ගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ඉකුත් අගෝස්තු මාසයේදී ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වොෂින්ටන් නුවර ජාතික පුවත්පත් සමාජයේ පැවති 2024 හොඳම බැංකු සම්මාන ප්‍රදානෝත්සවයේදී පෙරේදා (26දා) එම සම්මානය ලබාගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *