මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව ශ්රී ලංකාවට පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට (17) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL) තහවුරු කරයි.
ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මයුර නැත්තිකුමාර මහතා ප්රකාශ කළේ, බොරතෙල් මෙට්රික් ටොන් 97,500ක් රැගත් මෙම නෞකාව මෙරට බලශක්ති සැපයුම ස්ථාවර කිරීමට මහඟු පිටුවහලක් වනු ඇති බවයි.