මරඳගහමුල රජයේ වී ගබඩාව වසර 13කට පසුව සහලින් පුරවයි

මෙරට සහල් මිල තීරණය කරන ප්‍රධානතම මධ්‍යස්ථානයක් වන මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය වසර 13කට පසුව සහල් තොග ගබඩා කිරීම සඳහා භාවිතයට ගැනීමට රජය පියවර ගෙන ඇත
රජයේ සහල් තොග නිරීක්ෂණය කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද දින එම පරිශ්‍රයේ සංචාරයක නිරත විය

මරඳගහමුල සහල් වෙළෙඳපොළ තුළ පිහිටි රජයේ ගබඩා පද්ධතිය 2013 වසරේ ඉදිකර තිබුණ ද, වත්මන් රජය බලයට පත්වන තෙක් එය භාවිතයට ගෙන නොතිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා අවධාරණය කළේ රජය සතුව ප්‍රමාණවත් සහල් ආරක්ෂිත තොග පවතින බැවින් ඉදිරි උත්සව සමයේ සහල් මිල ඉහළ යාමක් සිදු නොවන බවයි. මෙම වැඩපිළිවෙළ හරහා ගොවියාට සහතික මිලක් ලබාදෙන අතරම පාරිභෝගිකයාට සහන මිලට සහල් ලබාදීම සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය


.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *