ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමරිකානු ඩොලර් මිලියන 1,165.4 ක් වූ අතර එය 2023 අගෝස්තු මාසයට සාපේක්ෂව 4.18% ක වර්ධනයක් වාර්තා කර ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ සාන්ද්‍රිත අපනයනය ඉපැයීම් ඉහළ යාමයි.
වසර දෙකකට පසුව ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය 2024 අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ගියේය.
තවද, 2024 ජූලි මාසයට සාපේක්ෂව 2024 අගෝස්තු මාසයේ අපනයන කාර්ය සාධනය 3.1% කින් වැඩි විය.
2024 අගෝස්තු මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 318.77 ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 6.49% කින් වැඩි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 අගෝස්තු මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙඅංශයෙන්ම මුළු අපනයනය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 4.67 % කින් ඉහළ ගිය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 1,483.13 ක් ලෙස වාර්තා විය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.