නව රජය බලයට පත්වීමෙන් පසුව, රටේ ආර්ථික අනාගතය පිළිබදව දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇති බව, මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී ජනවාරි සංස්කරණය අනාවරණය කරයි.
එල්එම්ඩී ජනවාරි කලාපයේ සදහන් වන ආකාරයට, ගෙවුණු දෙසැම්බර් මාසයේ දී ව්‍යාපාර විශ්වසනීය දර්ශකය, Business Confidence Index (BCI) ඒකක 174 දක්වා ඉහළ ගොස් තිබේ. එය නොවැම්බර් මාසයේ දී පැවතී ඇත්තේ ඒකක 154 ක් ලෙසිනි.
අදාල දර්ශකය ජනවාරි මාසයේ වාර්තා කළ එම ඉහළම අගයට ළඟා වී ඇත්තේ වසර පහකට පසුවයි.