ජනාධිපතිවරණයට පසු ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබද මහජන විශ්වාසය 30% සිට 72% දක්වා ඉහළට යයි

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබද ආයතනය Institute for Health Policy විසින් කරන ලද මත සමීක්ෂණයකට අනුව, පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව, රාජ්‍ය පාලනයට අදාල ආයතන පද්ධතිය පිළිබදව මහජන විශ්වාසය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඉහළම මහජන විශ්වාසයක් දිනාගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

ජනාධිපතිවරණයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබදව පැවති මහජන විශ්වාසය 30% ක මට්ටමේ පැවති අතර, ජනාධිපතිවරණයෙන් පසුව එය 70% දක්වා ඉහළ ගොස් තිබේ.

ඊට අමතරව, ත්‍රිවිධ හමුදාව පිළිබදව ඇති විශ්වාසයද 30% සිට 62% දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, පොලිසිය පිළිබදව ඇති මහජන විශ්වාසය ජනාධිපතිවරණයෙන් පසුවට ඉහළ යාමක් පෙන්නුම් කර නැත. එය ජනාධිපතිවරණයට පැවති 32% ක මට්ටමේම පවතින බව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *