විදුලිබිල යළි වැඩිවීමක් ගැන ඉංජිනේරුවන් අනතුරු අඟවයි

නව විදුලි බල පනතෙහි වගන්ති කිහිපයක් වෙනස් නොකළහොත් විදුලි ගාස්තුව තවත් ඉහළ යා හැකි බව‍ට ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ කොළඹ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, පවතින තත්ත්වය හමුවේ විදුලි බිල අඩුවේ යැයි විශ්වාස කළ නොහැකි බවයි.

මේ අතර සේවය අත්හිටවූ විදුලි සේවකයින් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිත සන්ධානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් සංදේශයක් රැගෙන ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත ගොස් තිබුණා.

එහෙත් ඔවුන්ගේ සංදේශය භාර ගැනීම සදහා එහි කිසිවෙකු පැමිණ සිටියේ නැහැ.

එමෙන්ම පාරිභෝගික ජනතාවට පීඩාවක් වන ලෙස වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම වලක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වෙත නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ ලංකා විදුලිබල මණ්ඩලය කළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදීයි මෙම වාරණ නියෝගය අද දක්වායි පනවා තිබුණේ.

මේ අතර, වසර 08 කට පසු විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදු වීමේදී එයට දේශපාලන කාරණා ද හේතු වූ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, රජය සතු ව්‍යවසායවල කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *