අතිසුඛෝපභෝගී Aida stella කොළඹට සේන්දු වෙයි

ජර්මනියේ Aida Cruises සමාගමට අයත් M.V. Aida stella අතිසුඛෝපභෝගී මගී නෞකාව පසුගිය 11 වනදා පළමු වරට කොළඹ වරාය වෙත සම්ප්‍රාප්ත විය.

මගීන් 2,139 ක් සහ 640 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ශ්‍රී ලංකාවට පැමිණි මෙම මගී නෞකාව සඳහා මෙරට සියලු සත්කාරකත්වයන් සංවිධානය කර තිබුනේ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් ෂිපිං ලිමිටඩ් විසිනි.

මීටර් 253ක දිගකින් සහ මීටර් 38ක පළලකින් යුතු මෙම මගී නෞකාව කාමර 1,097 කින් සමන්විත වන අතර මගීන් 2,700 කට පහසුකම් සැලසීමට එහි ශක්‍යතාව පවතියි.

පසුගිය දෙසැම්බර් 2වනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වාරයෙන් නික්මුණු මෙම මගී නෞකාව ඕමානයේ මස්කට් සහ මාලදිවයිනේ මාලේ වරායෙන්හි නැංගුරම්ලෑමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් 11 වන දා කොළඹ වරාය වෙත සේන්දු විය.

මෙම නෞකාවේ මීලග නැවතුම වනුයේ මැලේසියාවේ ක්වාලාලම්පූර්හි ක්ලෑන් වරායයි.

1 15 e1734329400523 Iri News
2 14 e1734329393291 Iri News
3 14 e1734329381866 Iri News
4 11 e1734329373359 Iri News
AIDAstella Frame First call Colombo e1734329367826 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *