රට පුරා වීදි දරුවන් තිස්දහසක් – මොවුන්ගෙන් තුනෙන් එකකට මව හෝ පියා නොමැති බව හෙළි වෙයි

රටපුරා වීදි දරුවන් පහළොස් දහසක් තිස්දහසත් අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මොවුන් අතරින් තුනෙන් එකකට මව හෝ පියා අහිමි බවත් තවත් සැලකිය යුතු ප්‍රමාණයක් වැඩිහිටියන්ගේ රැකවරණයෙන් තොරව වීදිවල සැරිසරණ බවත් අනාවරණය වී ඇතැයි ඒ මහතා පවසයි.

හිඟාකෑම, ළමා ගණිකාවන් ලෙස යොදා ගැනීම, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයට සහ ප්‍රවාහනයට යොදා ගැනීම වැනි කරුණුවලට මොවුන් ගොදුරුවන බව අනාවරණය වී ඇතැයි ද සංජීව මහතා කියා සිටී.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලත්, ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතවද වීදි දරුවන් සැලකිය යුතු වශයෙන් දැකිය හැකි බවත් පෙන්වා දෙන සංජීව මහතා මන්දපෝෂණය, ශ්වසන රෝග, සම ආශ්‍රිත රෝග, ලිංගාශ්‍රිත රෝගාදියට මොවුන් ගොදුරුවීම පහසුවෙන් සිදුවන බවත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *