මහ කන්නයේ වී වපුරා සතියක් ගතවන්නට මත්තෙන් ඇති වූ මහා වාර්ෂාවත් සමග හානි වූ කෙත් බිම් යළි අස්වැද්දීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බව රජය ප්‍රකාශ කරයි.
මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරේ පමණක් ගොවි බිම් හෙක්ටයාර 64000ක් විනාශ වී ගොස් තිබේ.
මේ තත්ත්වයට පිළියම් කිරීම සඳහා වහාම යළි වගාව ආරම්භයටත්, රජය විසින් වගා හානි වන්දි ලබාදෙන ප්‍රධාන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමටත් රජය සූදානම් වෙමින් ඇත.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න එම ප්‍රවේශය පැහැදිලි කරන්නේ මෙසේය.
“වන්දි ලබාදීමේ ක්‍රියාවලියේ තිබෙන්නේ බෝග 6යි. වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා හා මිරිස්. අධික වර්ෂාව නිසා හානි සිද්ධවෙන ගොවීන්ට ඒ භෝග 6ට මේ වන්දිය අදාළ වෙනවා. අනෙකුත් ගොවීන්ටත් යම් වන්දියක් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබෙන මුදල් තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලයට ඊට අදාළ ඉල්ලීමක් කරන්න අපි සූදානම්”. නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.
නැවත ගොවිබිම් අස්වැද්දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙන්නේ කුඩා බිත්තර වී තොගයක් බවත්, ඒ හේතුවෙන් බිත්තර වී වගාකරන ගොවින්ගෙන් එම වී මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. .
After study a couple of of the blog posts in your website now, and I really like your approach of blogging. I bookmarked it to my bookmark website checklist and will likely be checking back soon. Pls check out my website as properly and let me know what you think.
This is the proper weblog for anyone who needs to seek out out about this topic. You notice so much its nearly laborious to argue with you (not that I really would want…HaHa). You positively put a brand new spin on a topic thats been written about for years. Great stuff, simply great!