ලබන 21 වනදා සිට දිවයින පුරා මාර්ගවල ධාවනය සඳහා එක් කිරීමට නියමිත නව “පතුල පහත” සුපිරි බස් රථ සියල්ල මේ වන විට සූදානම් කර අවසන් .
මගී ජනතාවට වඩාත් සුවපහසු සහ සුරක්ෂිත ගමනාගමන පහසුකම් සැලසීමේ අරමුණින් මෙම බස් රථ කණ්ඩායම මාර්ගයට එක් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
නව බස් රථ සියල්ලම වායුසමනය කළ, ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් ගොඩවිය හැකි අයුරින් නිපදවා ඇති පතුල පහත (Low Floor) මාදිලියේ බස් රථ වේ. GPS තාක්ෂණය, CCTV කැමරා පද්ධති සහ ඩිජිටල් ප්‍රවේශපත්‍ර ක්‍රමයද මෙම බස් රථවල අන්තර්ගතය.