වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව, වත්මන් ආණ්ඩුවට අවුරුදු 05 ක් බලයේ සිටීමට ඉඩ ලබා දීමට විපක්ෂයේ ජනතා නියෝජිතයන් සූදානම් වුව ද, මේ ආණ්ඩුව එලවා දැමිය යුතු බවට ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවම ප්‍රකාශ කරන බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
වෙනදා විපක්ෂයේ සිටින පිරිස් විසින් සිදු කළේ වැඩ වර්ජන හා කඩාකප්පල්කාරී ක්‍රියාවන් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.