විශේෂඥයන් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්ව පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබේ. පරිසර ඇමැති වෛද්‍ය දම්මික පටබැඳි පෙන්වා දෙන්නේ අම්බුළුවාව කන්දේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තා සහ සෙසු පරීක්ෂණ වාර්තා අධ්‍යයනයෙන් පසු මේ තීරණජනතාවගේ ආරක්ෂාව මූලිකව සලකමින් අම්බුළුවාවට අදාළ තීරණ ගැනීමට පසුබට නොවන බවද පෙන්වා දුන් ඇමැතිවරයා, වැඩිදුරටත් අවධාරණය කළේ එහි පාලනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුකාරි තත්ව සම්බන්ධයෙන්ද රජය කඩිනම් පියවර ගනු ඇති බවයි.
2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත යටතේ අම්බුළුවාව කන්ද පාලනය වේ. මහා භාරකාර විසින් භාරකාර ඔප්පුවක් මඟින් මීට අදාළ භූමිය අරමුදලට පවරා ඇති අතර, එහි සඳහන් කොන්දේසි අරමුදල මඟින් උල්ලංඝනය කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ. එම පනතේ 19 වැනි වගන්තියට අනුව අම්බුළුවාව නිර්මාතෘවරයා දිසානායක මුදියන්සේලාගේ ජයරත්න විය යුතු බව දක්වා ඇත. එම පනතේ 16 වැනි වගන්තියේ දැක්වෙන්නේ නිර්මාතෘවරයා මියගිය අවස්ථාවක නිර්මාතෘවරයාගේ පුතා වන තැනැත්තා නිර්මාතෘවරයාගේ ධුරයට අනුප්‍රාප්ත විය යුතු අතර, ඉන් පසුව පරම්පරාවෙන් පැවැත එන වැඩිමහලු පිරිමි තැනැත්තකු අනුප්‍රාප්තිකයා විය යුතු බවයි.
නිර්මාතෘවරයා විසින් පත් කරනු ලබන හත්දෙනකුගේ බහුතරයක් සහිත මේ භාර අරමුදල පිළිබඳ දැඩි විවේචනයක් එල්ල වී තිබේ. එහි පාලනය සිදු වන ආකාරය, ඒ සඳහා ඉඩම් දී ඇති ආකාරය මෙන්ම අම්බුළුවාවේ සංවර්ධන කටයුතු සඳහා රජයේ මුදල් වැය කර ඇති ආකාරයද බරපතළ ගැටලුවක් බව මේ වන විට අනාවරණය වී තිබේ. රජයේ මුදල් රු. මිලියන 600කට වැඩි මුදලක් මේ සඳහා යෙදවීම මෙන්ම පසුගිය කාලයේ මීට අදාළ ව සිදු කළ විගණන සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.
බුද්ධ ශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු මීට අදාළ ආයතනවල නිලධාරීන් මේ අරමුදල රජයට පවරා ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින අතර, සංචාරක කර්මාන්තයට හානියක් නොවන ලෙස ඒ කටයුතු සිදු කරන ආකාරය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇතැයි පසුගිය සතියේ සිළුමිණ වාර්තා කළේය.ය ගත් බවයි.