සුබ ආරංචිය එයි – අමු මිරිස් කිලෝව රු. 1000යි,දෙහි කිලෝව රු. 1000ත් පන්නයි

ඇතැම් ප්‍ර දේශවල ඊයේ (22) දිනයේදි අමු මිරිස් කිලෝවක සිල්ලර මිල  රුපි දහස (1000) ඉක්මවා ගොස් තිබු අතර  දෙහි කිලෝවක මිලත් රුපියල් දහසක් (1000) කට ආසන්න මිලක් ගෙන තිබෙන අතර මාලු මිරිස් කිලෝවක සිල්ලර මිල  රුපියල් 900 දක්වාත් බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 800 ඉහල ගොස් තිබුණි.

 මිට අමතරව දේශිය අර්තාපල් කිලෝවක සිල්ලර මිල  රුපියල් 560 දක්වා ඉහල ගොස් තිබෙන අතර ඊට සාපෙක්ෂව විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 300 දක්වා ඉහල ගොස් තිබෙන අතර පදුගිය දිනවල විදේශ රටවලින් ගෙන්වන ලද අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 180 ත් රුපියල් 200 අතර මිල පැවතිණි.

මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 800 ත් දහසත් 1000 මිලක් ගෙන තිබෙන අතර බිට් රූට් හා ලිස්  හා තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 600 දක්වාත් කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 480 ත් රුපියල් 500 දක්වාත්  ගෝවා කිලෝවක සිල්ලර මිල  රුපි 500 දක්වාක් ඉහල ගොස් තිබේ.

කරවිල කිලෝවක සිල්ලර මිල  රුපියල් 450 දක්වාත්  මෑකරල් කිලෝවක සිල්ලර මිල රුපියල් 400 දක්වාත් පතෝල කිලෝවක සිල්ලර මිල රුපියල් 400 දක්වාත් ඉගුරු කිලෝවක සිල්ලර මිල රුපියල් 3600 දක්වාත් වැටකොළු කිලෝවක සිල්ලර මිල රුපි 320 දක්වාත් ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *