අධිවේගී මාර්ග ව්‍යාපෘති 04ක ඉදිකිරීම් අවසන් වීමත් සමග මෙරට අධිවේගී මාර්ග පද්ධතියට අලුතින් කිලෝමීටර 132ක් එකතු වේ …!
මෙම ව්‍යාපෘති 04න්, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කිලෝමීටර 37ක දුරින් යුත් කඩවත – මීරිගම ව්‍යාපෘතිය සහ තෙවන අදියර වන කිලෝමීටර 33ක දුරින් යුත් පොතුහැර – ගලගෙදර මාර්ග ව්‍යාපෘතිය මේ වන විට ඉදිකරමින් පවතී….!
2026 වසර අවසන් වීමට පෙරාතුව කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටස වන කුරුණෑගල – ගලේවෙල මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ය. ඒ සදහා තරගකාරී මිල ගණන් යටතේ විනිවිදභාවයෙන් යුත් ටෙන්ඩර් කැදවා, පැකේජ 12ක කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස, දේශීය ඉදිකිරීම් සමාගම්වල සේවා දායකත්වයෙන් ආරම්භ කෙරේ….!
දුර කිලෝමීටර 38ක් වන එම මාර්ග ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත මුදල රු. බිලියන 233කි.එමෙන් ම කිලෝමීටර 24ක් වූ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ද මේ වසර තුල ආරම්භ කිරීමට සැලසුම් කර ඇත….!
රජයේ උපාය මාර්ගික සංවර්ධන සැලසුම් ප්‍රතිපත්තියට අනුගත ව ක්‍රියාත්මක මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘති සදහා ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රජයේ දේශීය අරමුදල් වැය කර තිබීම විශේෂත්වයකි..