ජනපති අනුර සහ ඉන්දිය අගමැති අතර දුරකතන සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන රැගත් තවත් නෞකාවක් හෙට දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස හෙට (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිතව තිබේ.

ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව හෙට දිනයේදී කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් බවය.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *