අපනයන මත පනවා ඇති 20% බද්ද තවත් අඩු කරන්න ලංකාවේ ඉල්ලීම සලකා බලන බව ඇමරිකාව දැනුම් දෙයි

මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය හමුවේ රට මුහුණ දෙන ආර්තික අභියෝග පිළිබදව අවධානය යොමු කර, ශ්‍රී ලංකාවේ අපනයන මත පනවා ඇති 20% ක විශේෂ තීරු බද්ද, තවත් අඩු කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඇමති විජිත හේරත් මහතා මුදල් අමාත්‍යංශ නිළධාරීන්, පසුගිය දා, දකුණු සහ මධ්‍යම ආසියාව සදහා වන ඇමරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් මහතා හමු වූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම පිළිබදව සලකා බලන බව ඒ මහතා ශ්‍රී ලංකා නියෝජිතයන් හට පොරොන්දු වී ඇති බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *