ඉදිරි ජනාධිපතිවරණය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කරන ජන රැළි මාලාව දකුණු පළාතෙන් අද ආරම්භ වනවා.
ඒ අනුව තංගල්ල නගරයේදී පළමු ජන රැළිය පස්වරු 02යි 30ට ආරම්භ වනවා.
මාතර ජන රැළිය පස්වරු 03යි 30ටත් ගාල්ල ජන රැළිය පස්වරු 04ටත් ආරම්භ වීමට නියමිතයි.
“රුහුණ පෙරට – රට අනුරට” යන තේමාව යටතේ එම ජන රැළි පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ.