නීතියට ළඟාවිය නොහැකි කිසිවෙක් යළි ලංකාවේ නොසිටින බව ඔප්පු කර තිබෙනවා – ජනපති

නීතියට ළඟා විය නොහැකි කිසිවෙක් යළි ලංකාවේ නොසිටින බව ඔප්පු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. 

මේ අතර, මහජන බදු මුදල් සිංහල හා මුස්ලිම් අන්තවාදයට වියදම් කළ ආකාරය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී තමාට අනාවරණය වූ බවයි කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ‘ඉල් මහ විරු සමරුවේ’ දී ජනාධිපතිවරයා සඳහන් කළේ.