මන්ත්‍රී අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න අධිකරණ නියෝගයක් ඉල්ලයි

වෛද්‍ය අර්ජුන රාමනාදන් මහතා පාර්ලිමේන්තු ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට ක්වෝ වොරන්ටෝ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සමාජ ක‍්‍රියාකාරී ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

රාමනාදන් මහතා පසුගිය මහ මැතිවරණයට තරග වැදී ඇත්තේ වෛද්‍ය නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වීම ලබානොදී බවත් ඒ හරහා මැතිවරණ නීතිය උල්ලංඝනය කර ඇති බවත් පෙත්සමෙන් පවසයි.

රජයේ සේවයෙන් ඉවත් නොවී පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදීම නීති විරෝධී බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවටත් නිගමනය කර මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද අධිකරණයෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *