ආරුගම්බේ ප්‍රහාරය සැලසුම් කල ⁣දෙදෙනා අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතික සංචාරකයිනට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එක් පුද්ගලයෙක් යාපනයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් තැනැත්තා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එක් අයෙකුගේ පියා මාලදිවයින් ජාතිකයෙකි.

ප්‍රහාරය එල්ල කිරීමට එකගවීමෙන් පසු රුපියල් ලක්ෂ 50ක මුදල් ලබා දුන් බව මෙම සැකකරුවන් පවසා ඇත.

ඉන්දීය බුද්ධි තොරතුරු මගින් ඊයේ අනාවරණය කර තිබුනේ මෙම පුද්ගලයන් දෙදෙනා පිළිබඳවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *