පාල­ක­යන්ගේ,ජන­තා­වගේ කැප­වීම අර්ථික අර්බු­ද­යෙන් මිදී­මට හේතු වෙලා – ආසි­යානු බැංකුවේ අධ්‍යක්ෂ ටකා­ෆුමි කඩෝනෝ

ශ්‍රී ලංකාව වසර 2022 මුහු­ණ­දුන් ආර්ථික අර්බු­ද­යෙන් මිදී­මට පාල­ක­යන්ගේ සහ ජන­තා­වගේ දැඩි කැප­වීම මත සිදු කළ ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට හැකි වී ඇතැයි ආසි­යානු සංව­ර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකා­ෆුමි කඩෝනෝ මහතා කොළඹ පැවති සෙර­න්ඩි­පිටි දැනුම සම්ම­න්ත්‍ර­ණ­යට සහ­භාගි වෙමින් ප්‍රකාශ කළේය.

කොළඹ සින­මන් ග්‍රෑන්ඩ් හෝට­ලයේ පැවති ආර්ථික පරි­ව­ර්ත­නය සඳහා නවෝ­ත්පා­දන තේමා කොට­ගත් සම්ම­න්ත්‍ර­ණය අම­ත­මින් ටකා­ෆුමි කඩෝනෝ මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාවේ ආර්ථි­කය ස්ථාවර වෙමින් සහ යථා තත්ත්ව­යට පත්වෙ­මින් පව­තින විට මෙම අපේ­ක්ෂා­වන් ඉටු කිරී­මට සහ නව, ඔරොත්තු දෙන ආර්ථික මාර්ග­යක් සකස් කිරී­මට රජය ආර්ථි­කය පුරා ගැඹුරු සහ පුළුල් පරා­ස­යක ප්‍රති­සං­ස්ක­රණ සිදු කර තිබෙ­නවා.

එසේ ශ්‍රී ලංකාව නැවත ගොඩ­නැ­ඟීමේ ක්‍රියා­ව­ලි­යේදී ආසි­යානු සංව­ර්ධන බැංකුව (ADB) රජ­යට හවු­ල්ක­රු­වකු ලෙස කට­යුතු කරන අතර රටේ මානව සහ භෞතික සම්ප­ත්වල පව­තින විභ­ව­තා­වන් භාවිත කොට­ගෙන නැඟී සිටී­මට දොර­ගුළු, අගුළු විවෘත කිරී­මට නිර්මා­ණා­ත්ම­කව, සාම්ප්‍ර­දා­යික නොවන ක්‍රම ගවේ­ෂ­ණය සිදු කිරී­මට කට­යුතු කර­මින් සහාය දක්ව­නවා.

අප­ගේම උපා­ය­මා­ර්ගය වන ADB උපා­ය­මා­ර්ගය 2030, ශ්‍රී ලංකාව වැනි සංව­ර්ධ­නය වෙමින් පව­තින සාමා­ජික රට­ව­ලට සහාය දැක්වී­මේදී, රට කේන්ද්‍ර කර ගත් ප්‍රවේ­ශ­යන් ගැන කතා කිරී­මට කැමැ­තියි. අපි ශ්‍රී ලංකා­වට උපා­ය­මා­ර්ගික ලෙස සහාය දැක්වී­මට සූදා­නම්. මෙයට නව්‍ය තාක්ෂ­ණ­යන් භාවිත කිරීම, ප්‍රව­ර්ධ­නය කිරීම සහ විවිධ අංශ සහ කණ්ඩා­යම් හරහා සහ රාජ්‍ය හා පෞද්ග­ලික හවු­ල්කා­රි­ත්ව­යන් හරහා එම විශේ­ෂ­ඥ­තා­වන් ලබා දීමට ඒකා­බ­ද්ධව කට­යුතු කිරී­මට ක්‍රියා කර­නවා. වසර 2024 සිට 2028 දක්වා වසර 5ක් ආව­ර­ණය වන ශ්‍රී ලංකාව සඳහා අපගේ රට හවු­ල්කා­රිත්ව උපා­ය­මා­ර්ගය, ශ්‍රී ලංකාවේ සංව­ර්ධන න්‍යාය පත්‍ර­යට සහාය වීම සඳහා අපගේ One-ADB ප්‍රවේ­ශය හරහා දැනුම පද­නම් කර­ගත් නව්‍ය, පරි­පූර්ණ සහ ඒකා­බද්ධ විස­ඳුම් අව­ධා­ර­ණය කළ බව ද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *