පැල­වත්ත සීනි සමා­ගමේ ලොක්කාට අනී­ති­කව ගෙවූ ලක්ෂ 12 යළි අයකර­ගන්න නිර්දේශ කරයි

ලංකා සීනි සමා­ගමේ 2020 – 2023 කාලයේ හිටපු ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධා­රි­යකු තම වැටු­පට අම­ත­රව සමා­ගමේ අනු­මැ­ති­ය­කින් තොරව දීමනා කිහි­ප­යක් ලෙස ලබා­ගෙන ඇති රුපි­යල් ලක්ෂ 12කට අධික මුදල නැවත අය කර ගන්නා ලෙස ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කළ නිල­ධා­රීන් සමා­ගමේ සභා­ප­ති­ව­ර­යාට නිර්දේශ කර තිබේ. මොහු මෙසේ වසර තුනක කාල­යක් තුළ අනී­තික ලෙස ලබා­ගෙන ඇති සම්පූර්ණ මුදල රුපි­යල් 1,222,867.91ක් වේ. ඔහු 2020.03.01 –

2023.02.28 දක්වා කාලයේ සීනි සමා­ගමේ සේවය කර ඇති අතර වැටු­පට අම­ත­රව මේ දීමනා ලබා­ගෙන ඇත්තේ සමා­ගමේ සභා­ප­ති­ව­ර­යාගේ හෝ මූල්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­ති­ය­කින් තොර­වය.

අදාළ පුද්ග­ලයා මේ වන­විට සේවය අව­සන් කර ඇති නමුත්, ආය­තන සංග්‍ර­හයේ වගන්ති උල්ලං­ඝ­නය කර­මින් නිසි අනු­මැ­ති­ය­කින් තොරව ලබා­ගෙන ඇති මෙම මුදල් ඔහු­ගෙන් නැවත අය කර­ගත හැකි බව ද විම­ර්ශන නිල­ධා­රීන් සිය නිර්දේ­ශ­ව­ලින් පෙන්වා දී තිබේ.

මෙහෙ­යුම් නිල­ධා­රි­යාගේ සේවා කාලය තුළ හිමි වැටුප් හා දීම­නා­ව­ලට අම­ත­රව නිසි අනු­මැ­ති­ය­කින් තොරව පෞද්ග­ලික දීමනා ලෙස රුපි­යල් 301,747ක මුද­ලක් ලබා­ගෙන ඇත. එමෙන්ම අනු­මත සංග්‍රහ විය­ද­මට වඩා රුපි­යල් 96,403.50ක මුද­ලක් සමා­ගමේ සභා­ප­ති­ව­රයා විසින් පරි­හ­ර­ණය කළ විය­දම් සේ සලකා පැල­වත්ත ඒක­කයේ සමාජ ශාලාවේ වැය සංකේ­ත­ව­ලට එකතු කර තිබේ. නිල නිවෙසේ විය­දම් සඳහා තවත් රුපි­යල් 76,124ක මුද­ලක් සාවද්‍ය ලෙස පරි­හ­ර­ණය කර ඇත. පැල­වත්ත නිල නිවෙසේ භාර­කරු අනු­මැ­ති­ය­කින් තොරව පෞද්ග­ලික නිවෙසේ සේව­යට යොදා ගැනීම වෙනු­වෙන් පැල­වත්ත ඒක­ක­යෙන් වැටුප් ලෙස එම සේව­ක­යාට රුපි­යල් 383,838ක් හා අති­කාල ලෙස රුපි­යල් 143,632ක් ගෙවා ඇති අතර එහි එක­තුව 51,7470ක් වේ. දුර­ක­තන බිල්පත් හා අන්ත­ර්ජාල පහ­සු­කම් සඳහා අනු­මත මුද­ලට වැඩි­යෙන් රුපි­යල් 123,823 ලබා­ගෙන ඇති අතර, විෂ­බීජ නාශක ලීටර 185ක් අනු­මැ­ති­ය­කින් තොරව නිකුත් කිරීම වෙනු­වෙන් ආසන්න රුපි­යල් 107,300ක් වැය කර තිබේ. මේ සිය­ල්ලට ආය­ත­න­යෙන් රුපි­යල් 1,222,867.91ක මුද­ලක් ගෙවීම් කර ඇත.

මීට අම­ත­රව ආය­ත­නික නිෂ්පා­දන විවිධ ආය­තන හා පුද්ග­ල­යන්ට පරි­ත්‍යාග කර ඇති බවත් පෙන්වා­දෙන නිරී­ක්ෂ­ක­යන් එහි පිරි­වැය ගණ­නය කර, එම මුදල ද අය කර­ගත යුතු බවත් සඳ­හන් කර තිබේ.

එසේම, හිටපු මෙහෙ­යුම් නිල­ධා­රි­ව­ර­යාට ආධාර අනු­බල දුන් සෙසු නිල­ධා­රීන් වන ආය­ත­නයේ ජ්‍යෙෂ්ඨ ගණ­කා­ධි­කාරි, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි, ආග­න්තුක නිවාස කළ­ම­නා­කරු සම්බ­න්ධ­යෙන් ද ඉදිරි පිය­වර ගන්නා ලෙස එම නිර්දේ­ශ­වල සඳ­හන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *