ඉගෙන ගන්න ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි – ශිෂ්‍ය වීසා ගාස්තු ඩබල් කරයි

විදෙස් සිසුන් සඳහා ශිෂ්‍ය වීසා ගාස්තු දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගෙන තිබේ. සංක්‍රමණිකයින් හේතුවෙන් ඕස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළ වෙත මේ වන විට දැඩි පීඩනයක් එල්ල වී ඇති බැවින්, සංක්‍රමණ පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ නව තීරණයක් ලෙසින් මෙය ප්‍රකාශයට පත් වී ඇත.

ඒ අනුව 2024 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි ජාත්‍යන්තර සිසුන් සඳහා ශිෂ්‍ය වීසා ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 710 සිට ඕස්ට්‍රේලියානු ඩොලර් 1,600 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එය ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 1,068 ක් පමණ වේ. එමෙන්ම මේ වන විට සංචාරක වීසා සහ තාවකාලික උපාධි වීසා මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින්නන් හට ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේ හැකියාවද තහනම් කර ඇති බව මේ පිළිබඳව වාර්තා කරමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි.

මෙම ගාස්තු වැඩිවීමත් සමඟම ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා වන ගාස්තුව එක්සත් ජනපදය, කැනඩාව වැනි තරඟකාරී රටවලට වඩා ඉහළ මිලක් වනු ඇති බව රොයිටර්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *