අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන තිස් හයකට වඩා වැඩි බව සහ ලබන වසරේ සිට අධිවේගී මාර්ගවලට ස්වයංක්‍රීය ගෙවීම් පද්ධති සකස් කිරීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පවසනවා.
පහුගිය අවුරුදු සමයේ අප්‍රේල් 10 සිට විස්ස දක්වා කාලයළ අධිවේගී මාර්ගවල වාහන දාහතර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ධාවනය කරලා තියෙනවා.
ඒකෙන් රුපියල් මිලියන පන්සිය තිස් හයකට වඩා ආදායමක් ලබලා තියෙනවා.
ගිය අවුරුද්දට වඩා සාපේක්ෂව බලනකොට සියයට පහලවක පමණ වර්ධනයක් වෙලා තියෙනවා.
ලබන වසරේ මාර්තු වෙනකොට පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසත් ලබන වසර අවසන් වන විට කඩවත මීරිගම කොටසත් අවසන් කිරීමට නියමිතයි.
ඒත් සමගම මුදල් හුවමාරුව අවම කරලා සැලසුම් කරලා තියෙනවා ස්වයංක්‍රීයව මුදල් ගෙවන ක්‍රමයක්. එතකොට වාහන මුදල් ගෙවීමේ තදබදය අවසන් වෙනවා.
දැනට තියෙන ක්‍රමවේදයට අමතරව වෙනත් රටවල තිබෙන ක්‍රමවේදයක් වන වාහන එතනින් ගමන් කරනන විට ගිණුම් වලින් අඩුවන ආකාරයට මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් හදනවා. මේ වෙනකොට එම සැලසුම් සකස් කරමින් පවතිනවා