⁣කොටස් වෙළදපොල අඛණ්ඩව තෙවන දිනටත් වේගයෙන් වර්ධනය වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර ඇත.

මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද දිනය තුළ ඉහළ ගිය අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 4.59% ක දැවැන්ත වර්ධනයකි.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,659.71 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,383.76 ක් ලෙසත් සටහන් වී තිබේ.

මේ අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 3.96ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *