රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නවීකරණය ඇරඹෙයි

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් Clean Sri Lanka ලේකම් කාර්යාලයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන Dream Destination වැඩසටහන යටතේ දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කොට මගී ජනතාවට සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය මේ වන විට ආරම්භ කර ඇත…!

ඒ යටතේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ අගනගරයට ඉතා නුදුරු වැල්ලවත්ත සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පිහිටි බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීම ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (19) සිදු කෙරිණ…!

මෙම ව්‍යාපෘතියේ පලමු අදියර ගාල්ල දිස්ත්‍රික්කයේ තල්පේ දුම්රිය ස්ථානයෙන් පසුගිය වසරේ අරම්භ කර නවීකරණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමෙන් පසු ජනතාවගේ පරිහරණය⁣ට මේ වසරේදී ලබාදුනි…..!!

මෙම ව්‍යපෘතිය යටතේ නාරාහේන්පිට, දෙහිවල,පොලොන්නරුව,මහනුවර,මහනුවර- සරසවි උයන, මරදාන ඇතුළු දිවයිනේ පිහිටි ඌන පහසුකම් සහිත දුම්රිය ස්ථාන රැසක් රාජ්‍ය පෞද්ගලික පිරිවැය සහ සේවා දායකත්වය මත පූර්ණ නවීකරණයකට ලක් කරමින් පවතී…!

අද දින නවීකරණ කටයුතු ආරම්භ කල බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දිගුකාලීනව පවතින අඩුපාඩු සියල්ල මාස 5 ක් ඇතුලත යථාවත් කිරීමට සැලසුම් කර ඇත.මේ යටතේ මගී වේදිකාව නවීකරණය සහ පිරිසිදුකම වැඩිදියුණු කිරීම, ආලෝක හා ආරක්ෂණ කැමරා පද්ධති ස්ථාපනය,වැසිකිලි සහ මගී ආසන වැඩිදියුණු කිරීම ආබාධිත පුද්ගලයින්ට පහසු ප්‍රවේශ මාර්ගයක් සැකසීම, දුම්රිය කාලසටහන් ප්‍රදර්ශන පුවරු විධිමත් කිරීම, දුම්රිය ස්ථානයේ වහලය සම්පූර්ණයෙන්ම සකස් කිරීම ,දිරාපත්වෙමින් පවතින වැසි ජලයට නිරාවරණය වූ යකඩ පඩිපෙල ශක්තිමත්ව ඉඳිකිරීම ඇතුළු අංගයන් කාලගුණයට ඔරොත්තු දෙන පරිදි දිනපතා ගමන්කරුවන්ට ආකර්ෂණීය පොදු ස්ථානයක් ලෙස නවීකරණය කිරීමට සැලසුම් කර ඇත…..!

මේ සඳහා රැපියල් ලක්ෂ 600 ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර කඩිනම් ව්‍යාපෘතියක් ලෙස මාස පහක ඉඳිකිරීම් කාලයක් තුල නවීකරණ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කෙරේ…..!

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් Clean Sri Lanka ලේකම් කාර්යාලයේ ව්‍යපෘතියක් ලෙස Dawoodi Bohras ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන අතර ඉඳිකිරීම් සේවා සැපයීම Amic Engineering Private Limited ආයතනය සිදු කරනු ලබයි…..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *