රට පුරා පැන නැගී තිබෙන සිසු විරෝධතා හේතුවෙන්, මුළු රටටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පැනවීමට බන්ග්ලාදේශ රජය තීරණය කර තිබේ.
සති තුනක පමණ කාලයක සිට පැනනැගී ඇති ගැටුම්වලින් මිය ගිය ගණන 105 කි. දහස් ගණනක් තුවාල ලබා තිබේ.
රජයේ රැකියා ලබා දීමේ දී ක්‍රියාත්මක වන කෝටා ක්‍රමයට විරෝධය පා සිසුන් පාරට බැස තිබේ.
මෙම කෝටා ක්‍රමය බංග්ලාදේශය තුල බොහෝ කාලයක සිට ක්‍රියාත්මක වන්නයි.
ඒ මගින්, නිදහස් සටනේ රණ විරුවන්, ආබාධිතයන්, කාන්තාවන්, ආදීවාසීන් සහ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන්නන් ආදී වශයෙන් ඛාණ්ඩගතකර රජයේ රැකියා ලබා දීමේ දී ඔවුන් වෙනුවෙන් වෙනම කෝටාවක් වෙන් කර තිබේ.
වෙන්කර තිබෙන කෝටා සංඛ්‍යාව සලකා බැලීමේ දී රජයේ රැකියාවලින් 50% කටත් වඩා වැඩි ප්‍රමාණයක් කෝටාවට ඇතුළත් පාර්ශ්ව විසින් ලබා ගනී.
සිසු විරෝධතා හටගෙන ඇත්තේ මෙම කෝටා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලමිනි.
සිසුන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී රජයේ රූපවාහිනී සේවය අයත් ගොඩ නැගිල්ල ගිනි තැබූ අතර, අගමැති ෂික් හසීනාගේ – අග්‍රාමාත්‍ය කාර්යාල – වෙබ් අඩවියද හැක් කර තිබේ.
ගැටුම් සමනය කිරීම සදහා රජය රටටමබලපැවැත්වෙන ලෙස ඇදිරි නීතිය පනවා ඇති අතර, ජංගම දුරකථන සේවා කිහිපයක් ද අඩාල කර දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.