බැසිල්ගේ හොරකම් ෆයිල් එක විමල් සී.අයි.ඩීයට බාර දෙයි

බැසිල් රාජපක්ෂ මහතා නීතිවිරෝධීව උපයාගෙන ඇති දේපළ සම්බන්ධයෙන් තමන් සත-ුව ඇති තොරතුරු අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව විමල් වීරවංශ මහතා පවසයි. 

2022 වසරේ දී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන සංවාදයකට සහභාගී වෙමින්, බැසිල් රාජපක්ෂ මහතාගේ දේපළ සම්බන්ධයෙන් විමල් වීරංශ මහතා යම්කිසි හෙළිදරව්වක් සිදු කර තිබුණි. අවශ්‍යතාවය මත තවත් තොරතුරු හෙළි කළ හැකි බවද ඒ මහතා, එම වැඩසටහන අතරතුර ප්‍රකාශ කළේ ය. ඒ අනුව, එකී තොරතුරු ලබා ගැනීමේ අරමුණ ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඒ මහතා කැදවා තිබුණි. 

ඇත්තටම හොරු අල්ලනවා නං බැසිල්ගෙන් එය ආරම්භ කළ යුතු යැයි සිය ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඉන් පිටතට පැමිණි හිටපු මන්ත්‍රීවරයා පැවසී ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *