“මාධ්‍යට අත තියන්න එන්න එපා උඹලා ඉස්සෙල්ලම හැකර්ලා ටික හොයාගනිල්ලා” යනුවෙන් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ, වත්මන් ආණ්ඩුව තවමත් “බොරුවෙන්ම ජීවත් වන” බවයි.
“තාම මුන් බොරුවෙන්මයි ජීවත් වෙන්නේ” යනුවෙන් දැඩි විවේචනයක් එල්ල කළ උන්වහන්සේ, මාධ්‍ය ආයතන වෙත තර්ජනය කිරීමට පෙර සැබෑ වැරදිකරුවන් සොයා ගත යුතු බව අවධාරණය කළේය.
“හිරුට ටෝක් දෙන්න කලින් හෘද සාක්ෂියට තට්ටු කරලා අහපල්ලා මේ ගෙවල් හදන සල්ලි උඹලගේද කියලා” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් අභියෝග කළේය.