ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) සඳහා ආසන 49-54 ධාරිතාවයෙන් යුත් නව සුඛෝපභෝගී (Deluxe) බස් රථ 600ක් සැපයීම සහ ගෙනැවිත් භාරදීම වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රසම්පාදන නිවේදනයක් (MT/04/09/04/CT/577) නිකුත් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කොන්ත්‍රාත්තුව භාරදී දින 150ක් ඇතුළත බස් රථ භාරදිය යුතු අතර, ඊට අදාළ පූර්ව ලංසු රැස්වීම 2026 අගෝස්තු 10 වනදා පෙ.ව. 10.00ට කොළඹ 05, කිරුළ පාරේ පිහිටි ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රසම්පාදන අංශයේදී පැවැත්වේ.
ලංසු භාරගැනීම සහ විවෘත කිරීම 2026 අගෝස්තු 24 වනදා ප.ව. 2.00ට බත්තරමුල්ල, සෙත්සිරිපාය II අදියර, 7 වන මහල පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුකිරීමට නියමිතය.
අදාළ ලංසු ලේඛන 2026 අගෝස්තු 03 සිට අගෝස්තු 23 දක්වා කාලය තුළ රුපියල් 200,000ක ආපසු නොගෙවන ගාස්තුවකට ලබාගත හැක. වැඩිදුර තොරතුරු www.sltb.lk වෙබ් අඩවියෙන් හෝ 011 7706110, 077 1056110 සහ 077 1056115 යන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.